තබ්ලා අංග

තබ්ලා අංග

රූපය 1 -  තබ්ලාවේ විවිධ කොටස්


ඌර්ධවාකාර කොටස් දෙකකින් යුත් තබ්ලාවේ වම් කොටස බායාං හෙවත් ඩග්ගා නමිනුත්, දකුණු කොටස දායාං හෙවත් දහිනා නමිනුත් හැඳින්වෙයි.

ස්‍යාහි
 තබ්ලා මුහුණතේ ඇති යබොර කුඩු හා බත් ප්‍රධාන කොට ගත් කලු ස්ථිර බදාමය ස්‍යාහි නමින් හැඳින්වෙයි. තබ්ලාවේ ආරම්භක අවධියේ දී බායාං(ඩග්ගා) සඳහා වර්තමානයේ මෙන් ස්ථිර බදාමයක් නොයෙදුණු අතර ඒ සඳහා ආටා පිටි ජලය සමග මිශ්‍ර කිරීමෙන් සාදාගත් පිටි තලපයක් යොදා ගැනුණි. තබ්ලා වාදන ශෛලියේ විකාශයත් සමග මෙම ආටා පිටි තලපය ඉවත් වී යබොර කුඩු හා බත් ප්‍රධාන කොට ගත් බදාමය භාවිතයට ගැනිණි. ස්‍යාහි යනු තබ්ලාවේ ධ්වනි නිෂ්පාදනයෙහි ලා ප්‍රමුඛ වන ප්‍රධාන කොටස්වලින් එකකි. ස්‍යාහි නිර්මාණය කර ගැනීමේ දී යබොර කුඩු සහ කැකුලු හාලේ බත් ප්‍රධාන ව තවත් අමු ද්‍රව්‍ය කීපයක් මිශ්‍ර කර සාදාගත් මිශ්‍රණය ලූණු සිවියක තරම් තුනී ස්ථර විසිහතරක් පමණ යොදාගැනෙයි



රූපය 2 - තබ්ලා ස්‍යාහි


ලව
ස්‍යාහි කොටසට එපිටින් ඇති හම් කොටස ලව නමින් හැඳින්වෙයි. තබ්ලා මුහුණත් ආවරණය පිණිස යොදා ගැනෙන සමස්ත හම් ස්ථරයෙන් මෙම ලව කොටස මතු වෙයි. ලව ද තබ්ලාවේ ධ්වනි නිෂ්පාදනයෙහිලා ප්‍රමුඛ වන ප්‍රධාන කොටස්වලින් එකකි.

චාන්ටි
තබ්ලා මුහුණතෙහි ගැටියෙහි ඇති අඟල් තුන් කාලක් පමණ පළල වූ සම් වළල්ල චාන්ටි නමින් හැඳින්වෙයි. චාන්ටිය ද  ධ්වනි නිෂ්පාදනයෙහිලා ප්‍රමුඛ වන ප්‍රධාන කොටස්වලින් එකකි.

ගජරා
තබ්ලාවේ ගැටියෙහි යොදා ඇති සම් පටිවලින් ගෙතූ වළල්ල ගජරා නමින් හැඳින්වෙයි. තබ්ලාවේ මුහුණත් ආවරණය පිණිස යොදා ගැනෙන සම් එකිනෙක සම්බන්ධ කරගැනීමට ගජරා ආධාර වෙයි.


රූපය 3 - ගජරා



පූඩි
ස්‍යාහි, ලව, චාන්ටි හා ගජරා යන කොටස් සම්බන්ධ වීමෙන් ගොඩනැගෙන සමස්ත කොටස පූඩි නමින් හැඳින්වෙයි.


රූපය 4 - තබ්ලා පූඩි

ඝර්
ගජරා සහ චාන්ටි අතරින් සකසා ඇති සිදුරු ඝර් නමින් හැඳින්වෙයි. පූඩිය තබ්ලා කඳට බැඳ තබාගැනීමට භාවිත කෙරෙන සම් වරපටි ඇතුලු කිරීමට මෙම ඝර් යොදාගැනේ. පූඩිය මත සමදුරින් ඝර් 16ක් ඇත.

රූපය 5 - ගජරා සහ චාන්ටි අතර ඝර් පිහිටා ඇති ආකාරය


බද්ධි
තබ්ලාවේ මුහුණත් ආවරණය පිණිස භාවිත කෙරෙන පූඩිය කඳට බැඳගැනීම පිණිස යොදා ගැනෙන අඟල් භාගයක පළලින්යුත් හම් වරපටි බද්ධි නමින් හැඳින්වෙයි.  W ආකාරයට බද්ධි යොදාගැනෙයි. සාමාන්‍යයෙන් බද්ධි සඳහා යොදාගැනෙනුයේ මීහරක් හම් ය. එහෙත් භාරතයේ ඇතැම් ප්‍රදේශවල විශේෂයෙන් බරණැස  ඩග්ගාව සඳහා සත්ත්ව සම්වලින් නිර්මිත බද්ධි වෙනුවට කපු නූල් යොදාගැනේ.


ලකඩි/කුණ්ඩි
ලකඩි යන්නෙහි වචනාර්ථය ලී කොටය යන්න ය කුණ්ඩි යන්නෙහි වචනාර්ථය මැටි භාජනය යන්න යදැවයෙන් නිර්මාණය කෙරෙන දහිනාහි කඳ ලකඩි නමින් හැඳින්වෙයිමේ සඳහා ඇහැළ කොහොඹ කොස් වැනි දැව භාවිතයට ගැනෙයි. ඩග්ගාවේ කඳ කුණ්ඩි නමින් හැඳින්වෙයි වර්තමානයේ ඩග්ගා කඳ තඹ පිත්තල වැනි ලෝහ වලින් නිර්මාණය කර ගැනුන ද අතීතයේ දී ඩග්ගා කඳ නිර්මාණය වූයේ පදම් කරගත මැටිවලිනි. මේ නිසා ම මැටි භාජනය යන අරුත ගෙන දෙන කුණ්ඩි යන්න ඩග්ගාවේ කඳ නාමකරණය සඳහා යොදා ගැනුණි. වර්තමාන ඩග්ගාව ලෝහයෙන් නිර්මාණය කරගැනුන ද කුණ්ඩි යන නාමය ම භාවිතයේ පවතියි 


ගට්ටා
බද්ධි සහ තබ්ලා කඳ අතර තබා ඇති කුඩා සිලින්ඩරාකාර ලී කොට ගට්ටා නමින හැඳින්වෙයි. දහිනා සඳහා ගට්ටා අටක් යොදා ගැනේ. සාමාන්‍යයෙන් ගට්ටා යොදාගැනෙනුයේ දහිනා සඳහා පමණි. එහෙත් වාදකයා ගේ අවශ්‍යතාව අනුව ඩග්ගා සඳහා ද ගට්ටා භාවිත කළ හැකි ය. ඩග්ගා සඳහා යොදා ගන්නා ගට්ටා දහිනා ගට්ටාවට සාපේක්ෂ ව බොහෝ සිහින් වෙයි. තබ්ලාව සුසර කර ගැනීම සඳහා ගට්ටා භාවිත කරගැනේ. 


රූපය 6 - ගට්ටා යෙදීම

ගුඩරි
තබ්ලාවේ පතුළේ තබා ඇති හම් පටිවලින් නිර්මිත වළල්ල ගුඩරි නමින් හැඳින්වෙයි බද්ධි හැඩයට බැඳ ගැනීම සඳහා ගුඩරි ආධාරක වෙයි.


       රූපය 7 - බායාංහි ගුඩරි


                                                                                          රූපය 8 - දායාංහි ගුඩරි


තබ්ලාව සඳහා භාවිත කෙරෙන සම්

තබ්ලාවේ මුහුණත සඳහා භාවිත කෙරෙන සම් සඳහා වඩාත් ම උචිත වනුයේ බැටලු සම් ය. එහෙත් මේ සඳහා එළු හම් ද යොදා ගැනේ දහිනා සඳහා හම් ස්ථර හතරක් යොදා ගැනේ මින් හම් ස්තර දෙකක් මතුපිටින් දෘශ්‍යමාන වන අතර අනෙක් ස්ථර දෙක පිටතට දෘශ්‍යමාන නොවෙයි මෙම හම් ස්ථර දෙක යොදාගැනෙනුයේ මතුපිටින් දෘශ්‍යමාන වන හම් ස්ථර දෙකෙයි ආරක්ෂාවට ය එනම් මුහුණත ආවරණය පිණිස යොදාගැනෙන හම් ස්ථරය ඍජු වම තබ්ලා කඳට ස්පර්ශ වීම වැලැක්වීම සඳහා එම හම් ස්ථරයට ඇතුලු පැත්තෙන් තවත් හම් වළලු දෙකක් යොදා ගැනේ. මෙය භර්තී නමින් හැඳින්වෙයි


රූපය 9 -  පූඩිය යටි පැත්තේ භර්තී යොදා ඇති ආකාරය




 

Post a Comment

Previous Post Next Post