බණාරස් ගුරුකුලය සහ ශෛලිය


භාරතීය තබ්ලා ගුරුකුල අත්‍රින් හින්දු නියෝජනය තිබෙන එක ම ගුරුකුලය පණ්ඩිත් රාම් සහායගෙන් ආරම්භ වුණු බණාරස් ගුරුකුලය යි.



රාම් සහාය මිශ්‍රා කථක් පවුලකට සම්බන්ධකමක් තිබූ පඛාවජ් වාදකයෙකි. තම මුල් ම සංගීත අධ්‍යාපනය තම පියා ගෙන් හා බාප්පා ගෙන් ලද හෙතෙම වැඩි දුර අධ්‍යාපනය සඳහා ලක්නවුහි මෝදු ඛාං වෙත පැමිණියේ ය. වසර 12 ක් පමණ මෝදු ඛාං යටතේ තබ්ලා ශාස්ත්‍රය ප්‍රගුණ කළ හෙතෙම නැවත බණාරස් පැමිණියේ තම පරම්පරාවෙන් ලත් පඛාවජ් පිළිබඳ දැනුමින් හා මෝදු ඛාං වෙතින් ලත් ලක්නවු තබ්ලා ශෛලිය පිළිබඳ දැනුමින් ද සන්නද්ධව ය. බණාරස් පැමිණි රාම් සහාය ගේ ඉදිරියේ වූ ප්‍රධාන බාධාව වූයේ මෝදු ඛාං වෙතින් ශාස්ත්‍රය ප්‍රගුණ කිරීමෙන් අනතුරු ව ඔහු ලද “ලක්නවු තබ්ලා වාදන ශෛලිය පිටතට නොදෙන්න” යන ගුරු අවවාදය යි.       ගුරු අවවාදය කඩ නොකරමින් මේ බාධාව ජය ගැනීමේ මං සෙවූ රාම් සහාය ලක්නවු වාදන ශෛලියෙන් මදක් වෙනස් වූ, එනම්   දකුණතේ වෙදැඟිල්ල වඩා වක්‍ර කර දබරැඟිල්ලෙන් ලව ස්ථානය මත ආඝාත කර නාද නිපදවීමේ වාදන ක්‍රමයක් පෙරටු කොට නව වදන ශෛලියක් තබ්ලාව තුළින් ගොඩ නැගුවේ ය. පාරම්පරික ව තමාට උරුම වූ පඛාවජ් පිළිබඳ දැනුමත්, මෝදු ඛාං වෙතින් ලත් තබ්ලා පිළිබඳ දැනුමත්, ගුරු උපදෙස දිවි හිමියෙන් රැකීමේ තමා තුළ වූ ගුරු භක්තියත් යන ත්‍රිත්වයේ සංකලනයෙන් බිහි වුණු අභිනව ශෛලිය බණාරස් ශෛලිය නමින් ප්‍රකට වූයේ බණාරස් නගරය පසුබිම් කර-ගෙන එය බිහි වුණු නිසා ය. 


රාම්සහාය ගේ එක් සහෝදරයකු වන ගෞරීසහාය ගේ පුත්‍රයා වන භෛරෝසහාය ගේ වංශ පරම්පරාව මෙසේ ය


 

ප්‍රතාපූ ජී මහාරාජ් ගේ වංශ පරම්පරාව මෙසේ ය.


බණාරස් තබ්ලා ගුරුකුලයේ ශිල්පීය වාදකයින් අතුරින් අනෝකෙලාල් මිශ්‍රා, කාංටේ මහාරාජ්, කිශන් මහාරාජ්, ශාම්තා ප්‍රසාද් මිශ්‍රා මහා පුරුෂ් මිශ්‍රා බීරු මිශ්‍රා ආදීන් ප්‍රමුඛත්වයෙහි ලා සඳහන් කළ හැකි ය.

රාම් සහාය මිශ්‍රා කථක් පවුලකට සම්බන්ධකමක් තිබූ පඛාවජ් වාදකයෙකි. තම මුල් ම සංගීත අධ්‍යාපනය තම පියා ගෙන් හා බාප්පා ගෙන් ලද හෙතෙම වැඩි දුර අධ්‍යාපනය සඳහා ලක්නවුහි මෝදු ඛාං වෙත පැමිණියේ ය. වසර 12 ක් පමණ මෝදු ඛාං යටතේ තබ්ලා ශාස්ත්‍රය ප්‍රගුණ කළ හෙතෙම නැවත බණාරස් පැමිණියේ තම පරම්පරාවෙන් ලත් පඛාවජ් පිළිබඳ දැනුමින් හා මෝදු ඛාං වෙතින් ලත් ලක්නවු තබ්ලා ශෛලිය පිළිබඳ දැනුමින් ද සන්නද්ධව ය. බණාරස් පැමිණි රාම් සහාය ගේ ඉදිරියේ වූ ප්‍රධාන බාධාව වූයේ මෝදු ඛාං වෙතින් ශාස්ත්‍රය ප්‍රගුණ කිරීමෙන් අනතුරු ව ඔහු ලද “ලක්නවු තබ්ලා වාදන ශෛලිය පිටතට නොදෙන්න” යන ගුරු අවවාදය යි.       ගුරු අවවාදය කඩ නොකරමින් මේ බාධාව ජය ගැනීමේ මං සෙවූ රාම් සහාය ලක්නවු වාදන ශෛලියෙන් මදක් වෙනස් වූ, එනම්   දකුණතේ වෙදැඟිල්ල වඩා වක්‍ර කර දබරැඟිල්ලෙන් ලව ස්ථානය මත ආඝාත කර නාද නිපදවීමේ වාදන ක්‍රමයක් පෙරටු කොට නව වදන ශෛලියක් තබ්ලාව තුළින් ගොඩ නැගුවේ ය. පාරම්පරික ව තමාට උරුම වූ පඛාවජ් පිළිබඳ දැනුමත්, මෝදු ඛාං වෙතින් ලත් තබ්ලා පිළිබඳ දැනුමත්, ගුරු උපදෙස දිවි හිමියෙන් රැකීමේ තමා තුළ වූ ගුරු භක්තියත් යන ත්‍රිත්වයේ සංකලනයෙන් බිහි වුණු අභිනව ශෛලිය බණාරස් ශෛලිය නමින් ප්‍රකට වූයේ බණාරස් නගරය පසුබිම් කර-ගෙන එය බිහි වුණු නිසා ය. 

බණාරස් ශෛලිය

 වසර 150 කට වඩා පැරණි නොවූ මෙම ශෛලිය ලක්නවු ශෛලියෙන් ආභාසය ලැබ ගොඩ නැගුණ ශෛලියක් හෙයින් ලක්නවු ශෛලියේ ශාඛාවක් ලෙස සැලකෙයි. පඛාවජ් හා කථක් ශෛලි අධික ලෙස ඇසුරු කරමින් ගොඩ නැගී ඇති මෙම ශෛලියේ දී පඛාවජයේ කුලා අක්ෂර වාදනයන්ට සමාන වූ, එමෙන් ම ලක්නවු ශෛලියට වඩා ප්‍රබල වූ අක්ෂර වාදනයක් දක්නට ලැබෙයි. ලක්නවු ශෛලියට වඩා වෙදැඟිල්ල වක්‍ර කර            දබරැඟිල්ලෙන් ලව ස්ථානය මත ආඝාත කර නාද නිපදවීමේ වාදන ශෛලිය මගින් වඩාත් ප්‍රබල වූ නාදයක් තබ්ලාව මතින් ධ්වනිත කිරීමේ හැකියාවක් ලැබේ. 

 මෙම ශෛලියේ වාදකයෝ ගත් පරන්, මෝහරා, රේලා, බාන්ට් හා ශ්ලෝක ආශ්‍රිත වාදන, නෘත්‍යයන්හි උපයෝගී තෝඩා, ටුකඩා, චක්කර්දාර් ආදී පද වාදනයෙහි නිපුණත්වයක් දක්වති. එසේ ම ජනානි ගත් හා මර්දානි ගත් වාදනය මෙහි ප්‍රචලිත ය. මර්දානි ගත් සඳහා සම්පූර්ණ අත්ල ම යොදා-ගන්නා අතර ජනානි ගත් සඳහා ඇඟිලිවලින් සිදු කෙරෙන මෘදු මොළොක් අක්ෂර වාදනයක් යොදා-ගනී. 

ලක්නවු ඝරාණාවේ මෙන් බණාරස් ඝරාණාවේ වාදකයෝ ද කථක් නර්ථනයන් සඳහා තබ්ලා වාදනය කිරීමෙහි  කුශලතාවක් දක්වන්නෝ ය. තබ්ලා ඒකල වාදනයේ දී දීර්ඝ උඨාන් පදයකින් ආරම්භ කිරීමත්, ලයාත්මක ව වැයෙන භාන්ට් වැනි පද වාදනයත් මේ ශෛලිය තුළ දක්නට ලැබෙන විශේෂ ලක්ෂණයන් ය. භානට්, මුඛඩා, ටුකඩා, පරන්, චක්‍රදාර්, රේලා, ලග්ගි, ලඩි ආදී පද භාවිතයෙහි වැඩි නැඹුරුවක් දක්වන නමුත් කායදා වාදනයෙහි එතරම් ප්‍රචලිත බවක් නොදක්වයි. බණාරස් ශෛලියේ කායදා ගත් කායදා ස්වරූපයක් ගනු ලබයි. පේෂ්කාර්  වාදනයක් බණාරස් ශෛලිය තුළ දක්නට නො ලැබෙන අතර විවිධ ලයකාරීවලින් යුත් දීර්ඝ උඨාන් පදයක් ඒකල වාදනයක් ආරම්භයේ දී වාදනය කරනු ලබයි. ෆරද් නමින් හැඳින්වෙන විශේෂ ගත් ප්‍රකාරයක් මෙම ශෛලිය තුළ ඉතා ප්‍රචලිත ය. ධෙරධෙර, ධෙටධෙට, නාන, කඩාන, ගදිගෙන, ත්‍රකධෙත් වැනි අක්ෂර ඛණ්ඩයන් බණාරස් ශෛලියෙහි අධික ව උපයෝගි කර ගැනේ.

Post a Comment

Previous Post Next Post